අල්ටාමීරා සහ ලැස්කෝ ලෙන් චිත්‍ර



ලොව වඩාත් සුරක්ෂිතව ඇති ගුහා චිත‍්‍ර හමුවන්නේ ස්පාඤ්ඤයේ ඇල්ටම්යිරා ගුහා වලිනි. 19 වන සියවසේදී Marcelino sanz de sautuolaක්  විසින් සොයා ගැනුණු මෙම චිත‍්‍ර වසර 14000ක්* 18500ක් පැරණි බව පැවසේ. මෙහි ඇති විචිත‍්‍රත්වය හා සියුම් ලෙස සිතුවමට නගා ඇති ආකාරය නිසා මෙය ප‍්‍රාග් ඓතිහාසික චිත‍්‍රයක් යැයි පිළිගැනීමට මැලි වුවත් 1902 වසරේදී මෙය ව්‍යාජ නොවන බවට අවිවාදයෙන් පිළිගැනීමට සිදු විය.


ඉතා පැහැදිලි මතුපිට රේඛා සහ සුවිශේෂී වර්ණ භාවිතය කැපී පෙනෙයි. වසර 8000ත් 11000ත් අතර කාලයකට පෙර සිතුවම් වී ඇති බව සැලකේ. 

ප‍්‍රංශයේ ලෝක ප‍්‍රසිද්ධ ලැස්කෝ ගුහා චිත‍්‍ර වසර 17000ක් පමණ පැරණි යැයි සැලකේ. ලෙනක් තුල වූ බිත්තියක මෙම සිතුවම් ඇඳ ඇති අතර එම ස්ථානයට ආලෝකය නොලැබීම නිසා චිත‍්‍ර ශිල්පියා මෙම සිතුවම ඉටිපන්දම් ආලෝකය යටතේ සිදු කරන්නට ඇති බව සැලකේ. තව දුරටත් මෙම සිතුවම් මහජන ප‍්‍රදර්ශනයට තබා නොමැති අතර ප‍්‍රංශ රජය විසින් නරඹන්නන් හට දැක බලා ගැනීම පිණිස මෙහි අනුරුවක් ඉදි කර තිබේ.

මෙම ස්ථානයෙන් හමුවන පැරණිම සිතුවම් වසර 25000ක් පමණ පැරණි බවට සැලකේග ඉතා සවිස්තරාත්මකව මෙම සිතුවම් තුළින් දඩයමේ යෙදුණු විවිධ පාර්ශව සහ ඔවුන්ගේ විවිධ චාරිත්‍ර ආදිය දැක් වේග සතුන්ගේ සහ ගස් වල සිතුවම් මුළු ලෙන පුරාවටම දැකිය හැකග

 ක‍්‍රි.පු. 12000 සිට ක‍්‍රි.ව. 100 දක්වා කාලයට අයත් සිතුවම් මෙහිදී දැකගත හැක. මෙම ස්ථානයටම ආවේණික වූ සිතුවම් දැකගත හැකි වේ. වසර ගණනාවකට පෙර සහරා කාන්තාරය කොළ පැහැති තණ පිට්ටනි වලින් හා දිය පිරුනු විල් වලින් සමන්විත වූ ආකාරය දක්වා තිබේ. මෙහි ලෙන් බිත්තියේ විවිධ සතුන් සිතුවමට නගා ඇත.

මෙම අලංකාර සිතුවම් පෙළ ඉතා මෑත යුගයේ එනම් 1994 වර්ශයේදී සොයාගෙන ඇත. මෙහි මැමත්, සිංහ, වලස් රූප මෙන්ම රයිනෝසිරස් රූපද ඒ අතර වේ. වසර 32000ක් පමණ පැරණි යැයි සැලකෙන අතර ලැයිස්තුවේ ඇති පැරණිම සිතුවම් ලෙස සැලකිය හැක.
මේ ගුහා චිත්‍ර අධ්‍යයනය කිරීමේ දී පෙනී යන්නේ හුදෙක් අදහස් ප්‍රකාශ කිරීමට වඩා නිර්මාණාත්මක සන්නිවේදන කාර්යයක් කරන්නට මේ ආදි කාලීන මානවයාට හැකි වූ බව ය. වන සතුන් දඩයම් කරන ආකාරය ගුහාශ්‍රිත ව ගිනිමැල වටේ රඟ දැක්වීම ද මේ සමාජයේ තිබූ නිර්මාණශීලී සන්නිවේදන හැකියාව ප්‍රකට කරන්නකි

Post a Comment

Previous Post Next Post