ෂැනොන් හා වීවර් සන්නිවේදන ආකෘතිය




ක්ලෝඩ් ෂැනොන් හා වොරන් වීව(ර්) යන දෙදෙනා ම අමෙරිකාවේ බෙල් ටෙලි‍ෆෝන් රසායනාගාරයේ සේවය කළෝ ය. ෂැනොන් විද්‍යාඥයෙකි. වීව(ර්) සහායකයෙකි. දුරකථන හා ගුවන් විදුලි තාක්ෂණය පිළිබඳව මෙම දෙපළ වැඩි අවධානයක් යොමු කළහ. මාධ්‍යයක් හරහා ප්‍රධාන වශයෙන් පණිවුඩයක් යවන විට එය මැන බැලීමටත්, එහි ස්වභාවය තේරුම් ගැනීමටත් සැම විට උත්සාහ කළෝ ය. එය පාදක කරගනිමින් ඉංජිනේරු විද්‍යාවට අදාළ න්‍යායන් ඇසුරින් 1949 දී ආකෘතියක් නිර්මාණය කළහ. පසුකාලීනව එය ෂැනොන් හා වීව(ර්)ගේ ගණිතමය ආකෘතිය ලෙස ව්‍යවහාරයට පත් විය.

සන්නිවේදනයේ තාක්ෂණික ක්‍රියාවලිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති මෙහි මිනිසා හා යන්ත්‍ර සූත්‍ර මඟින් සන්නිවේදන ක්‍රියාවලිය වෙත සිදු කරනු ලබන බලපෑම ද විග්‍රහ කර ඇත.

මෙම ආකෘතිය අනුව තොරතුරු මූලාශ්‍රයක් මඟින් පණිවුඩයක් නිකුත් කරයි. එම පණිවුඩය යම් නාලිකාවක්/විකාශකයක් හරහා සංඥා බවට පත්වනු ඇත. මෙම සංඥා ග්‍රාහකයා වෙත ගමන් කරද්දී ඝෝෂක මූලාශ්‍ර එයට එකතු වෙයි. ඉන්පසු අදාළ පණිවුඩය පර්යන්තය/ග්‍රාහකාන්තය කරා යොමුවනු ඇත. මෙම ආකෘතියෙහි ප්‍රධාන කරුණු කිහිපයක් ඇතුළත් වේ.

1. තොරතුරු මූලාශ්‍රය (Information Sources)

2. සන්දේශය (Message)

3. සම්පෙෂ්්‍ර ණාගාරය (Transmitter)

4. සංඥාව (Signal)

5. බාධක (Noise)

6. ග්‍රාහකයා (Receiver)

7. සන්දේශ අන්තය (Destination)

සන්නිවේදන ක්‍රියාවලියෙහි නියැළිමේ දී විවිධාකාර බාධකවලට මුහුණදීමට සන්නිවේදකයාටත්, ග්‍රාහකයාටත් සිදුවන අතර එවැනි බාධක මුල්වරට හඳුන්වා දෙනු ලැබුවේ ෂැනොන් හා වීව(ර්) යන දෙපළ විසිනි. මෙම ආකෘතිය මඟින් නාලීය ක්‍රියාදාමය තුළ ඇති වන ඝෝෂා පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබේ. 

මෙම ආකෘතියේ විශේෂතා

1. රේඛීය ආකෘතියක් වීම

2. සන්නිවේදනයට බලපාන බාධක තත්ත්වයන් පිළිබඳ ව මුල් වරට අදහස් ඉදිරිපත් කිරීම

3. ප්‍රතිපෝෂණය පිළිබඳ ව අවධානය යොමු නොකිරීම

4. සම්ප්‍රේෂණ හා ප්‍රතිග්‍රහණ ක්‍රියාවලිය විග්‍රහ කිරීම

5. තාක්‍ෂණික දෘෂ්ටිකෝණයකින් සන්නිවේදන ක්‍රියාවලිය විමසා බැලීම




Post a Comment

Previous Post Next Post