සංවර්ධන නිර්වචන

 සංවර්ධන නිර්වචන




''ආර්ථික වර්ධනය ඇති කිරීම සංවර්ධනය වේ''

----ඩබ්ලිව් ඩබ්ලිව් රොස්ටෝ ----

මෙම ප්‍රකාශය අනුව බලන කළ සංවර්ධන ක්‍රියාවලිය ප්‍රාග්ධන සූක්ෂම එකක් බව පෙනී යනු ඇත. මෙම සංවර්ධන ප්‍රවේශය තුළ මතු වූ ගැටලු පදනම් කරගෙන සංවර්ධනය පිළිබද නව කතිකාවත් බිහි විය.1982 වසරේදී මෙක්සිකෝ නගරයේ පැවති ජාත්‍යයන්තර සමුළුවේ දී යුනෙස්කෝ සංවිධානය ප්‍රකාශ කරන ලද්දේ,


"සංවර්ධනය යනු ආර්ථීක වර්ධනය ඉක්මවා පැතිරෙන සංකීර්ණ, පුළුල් හා බහුමානීය ක්‍රියාවලියකි.මෙම ක්‍රියාවලිය ජන ජීවිතයට අදාළ සියලු අංගද ඔවුන්ගේ ශක්තියද ඇතුළත්ව සමස්ථ ජනතාවට එම ක්‍රියාවලියට දායක වී එතුළින් ලැබෙන වාසි සියල්ල භුක්ති විදී"

---යුනෙස්කෝ සංවිධානය---

                                                                                                                             



''ජාතික සංවර්ධනය යනු ප්‍රධාන වශයෙන් ආර්ථික සංවර්ධනය, සමාජ සංවර්ධනය, සංස්කෘතික සංවර්ධනය හා සදාචාරාත්මක සංවර්ධනය යන කොටස්වලින් පරිපූර්ණ වූ සංවර්ධනයයි.''

----මහාචාර්ය විමල් දිසානායක: ---


'' සංවර්ධනය යනු දරිද්‍රතාව, සාක්ෂරතා ඥාණයේ පහත් මට්ටම, විරැකියාව හා සමාජීය අසමානතාව ආදී පීඩාවලින් සංවර්ධනය වන රටවල ජනතාව මුදා ගැනීමයි."

            ---ඩඩ්ලි සියර්ස්---

"සංවර්ධනය යනු මිනිසුන්ගේ සංවර්ධනය (මානව සංවර්ධනය)මිස ද්‍රව්‍යමය සංවර්ධනයක් නොවේ."

---එඩ්ගා ඕවන්ස්---

                                                                                                              


"සංවර්ධනය යනු පූර්ණ සමාජ සංවර්ධනයයි.එයට මානසික අධ්‍යාත්මික හා ද්‍රව්‍යමය අවශ්‍යතා ඇතුළත්"

මහත්මා ගාන්ධිතුමා

                                                                                                    

'' සංවර්ධනය වනු නූතන ලෝකයේ යක්ෂාවේශව සිටින බලවේග කිහිපයකට පහර දීමයි. එම බලවේග නම් මන්දපෝෂණය, රෝග, නූගත්කම, මුඩුක්කු, විරැකියාව හා සමාජ අසමානතාවයි.''

---පෝල් පී ස්ට්‍රීටන්---


''සංවර්ධනය යනු සමස්ථ සමාජ ක්රමයේම ඉදිරි ගමන හෝ සමාජය තුළ දක්නට ලැබෙන විප්ලවීය වෙනසකි.''

----ගුනාර් මිර්ඩාල් ---


'සංවර්ධනය යනු ආර්ථික සංවර්ධනය පමණක් නොව, ඕනෑම රටක්, මානව වර්ගයක්, ජාතියක්, භාෂාවක්, ආගමක්, සමාජයක්, දැනුම් ප්රමාණයක් නැති මට්ටමක සිට ඇති මට්ටමට පත්කරලීමයි."
සර් w ආතර් ලුවිස්

''සංවර්ධනය යනු තාක්ෂණික දියුණුව, මහජන සෞඛ්ය ආධාර, කෘෂිකාර්මික ව්යාපෘති යෝජනා ක්රම, ප්රජා සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීම ආදිය සම්බන්ධ සකල විධ දියුණුව හා ජනතාවගේ ජීවන මට්ටම උසස් තත්ත්වයට පත්කරලීමත්, සංවර්ධනයේ වාසිදායක තත්ත්වයන් ජනතාව අතර බෙදීයාමට සැලැස්වීමත්ය.''
ජෝර්ජ් එම් ෆොස්ටර්


"සංවර්ධනය යනුවෙන් හැදින්විය යුත්තේ සාමාජික සහභාගීත්වයෙන් යුතුව කෙරෙන වෙනසකි.එමගින් සාමාජික හා භෞතික අභිවර්ධනයන් ඇති විය යුතුය"
එවරට් එම් රොජර්ස්


"ගුවන්විදුලිය, පුවත්පත, රූපවාහිනිය, සිනමාව ඇතුලු යම් යම් ජනමාධ්‍ය මෙහෙයවමින් යම්කිසි මානව ජනාවාසයක කිසියම් යහපත් පරිසරයක් සකසාලිය හැකිනම් එය වැඩදායක ක්‍රියාදාමයක් වනු ඇත.මෙම පදනම සංවර්ධන සන්නිවේදනය වේ.

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර

                                                                                                                                             


"ගෝලීයකරණය සන්දර්භයෙහි සංවර්ධනය සදහා සන්නිටව්දනය භාවිතය යනු සමාජ වෙනස්කම් සදහා ක්‍රියාවලි ප්‍රකාශයට පත් කිරීමේ ක්‍රමයකි"

ස්වීඩනයේ මැල්මෝ විශ්වවිද්‍යාලය

                                                                                                                                        


"සංවර්ධනය සදහා සන්නිවේදනය යනු සංවාදය සක්‍රීය කරවන ද්වි මාර්ගික සන්නිවේදනය පද්ධති මගින් ප්‍රජාවන්ට ඔවුන්ගේ අභිලාෂ හා උත්සුක ප්‍රකාශ කිරීමට හැකි හා ඔවුන්ගේම සංවර්ධන ක්‍රියිවලියක අදාළ තීරණ වලට මැදිහත් වීමයි"

 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය

                                                                                           

සංවර්ධනය සඳහා සන්නිවේදනය
“සංවර්ධනය සඳහා සන්නිවේදනය යනු සංවාදය සක්‍රිය කරවන, ද්විමාර්ග සන්නිවේදන පද්ධති මඟින් ප්‍රජාවන්ට ඔවුන්ගේ අභිලාෂ හා උත්සුක ප්‍රකාශ කිරීමට හැකි හා ඔවුන්ගේ ම සංවර්ධන ක්‍රියාවලියක අදාළ තීරණවලට සහභාගී ව මැදිහත් වීම යි.”
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 51/172, 1996

“සංවර්ධනය සඳහා සන්නිවේදනය යනු පුළුල් පරාසයක මෙවලම් හා ක්‍රම භාවිත කරමින් සංවාදය මත පදනම් වූ සමාජ ක්‍රියාවලියකි. එසේ ම දැනුම, නිපුණතා බෙදාහදා ගැනීම, ගොඩ නැඟීම මෙන් ම ප්‍රතිපත්ති, විවාද සහ ස්ථිරසාර වූ සංවර්ධනයක් සඳහා, සවන් දීම, විශ්වාසය ගොඩනැඟීම හා විවිධ මට්ටම්වල වෙනස්කම් හඳුනා ගැනීම යි. එය මහජන
සම්බන්ධතාව හෝ ආයතනික සන්නිවේදනය නො වේ.”
සංවර්ධනය සඳහා සන්නිවේදනය පිළිබඳ රෝම සම්මුතිය - 2006

 පරිශීලන ග්‍රන්ථ

01. මාරසිංහ සී.,2020, "සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය- 2",  

02. අත්තනායක බී,"සංවර්ධන සන්නිවේදනය"

03. ඩයස් එස්. එම්.,"සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය" 

04. මහේන්ද්‍ර එස්.,"සන්නිවේදනය සහ සහභාගීත්ව සංවර්ධනය", ඉරෙඩ් ප්‍රකාශන

05. මහේන්ද්‍ර එස්.,"සන්නිවේදන ක්ෂේත්‍රය හා ජනසන්නිවේදනය"

06. දිසානායක ඩබ්ලිව්., "ජනසන්නිවේදනය හා සමාජය"

07. දිසානායක ඩබ්ලිව්., "සංවර්ධනය හා සන්නිවේදනය"

.


Post a Comment

Previous Post Next Post