නිර්මාණාත්මක සන්නිවේදනය



මිනිසා ස්වභාවයෙන්ම නිර්මාණශීලී සන්නිවේදනයෙහි යෙදෙන සත්ත්වයෙකි. අතීත මානව සංස්කෘතික උරුම හා කලා භාවිතය කියා පාන්නේ මිනිසා සතු නිර්මාණශීලී හා නවෝත්පාදන සන්නිවේදන ශක්තිය යි. 

සන්නිවේදන ක්‍රියාවලිය සෘජුව හෝ වක්‍රව ඉදිරිපත් කළ හැකිය. යම් දෙයක් සෘජුව ඉදිරිපත් කරනවාට වඩා වක්‍රව ඉදිරිපත් කිරීම තුළින් ග්‍රාහකයාට වින්දනයක් ලබා ගත හැකිය. 

නිර්මාණාත්මක සන්නිවේදනය යන්නෙහි සරල අර්ථය වන්නේ කිසියම් සන්දේශයක් ග්‍රාහකයාට වඩාත් සමීප ව වැටහෙන ලෙස ප්‍රකාශ කිරීම යි. මෙය අවස්ථාවෙන් අවස්ථාවට, අරමුණෙන් අරමුණට වෙනස් විය හැකි ය. ඒ මඟින් නිර්මාණාත්මක ව සිතීමකට ඉඩ සලසයි. නිර්මාණය යන්න පිළිබඳ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයෙහි සඳහන් වන්නේ පහත දැක්වෙන ආකාරයෙනි.

“යම් නිමැවුමක් සඳහා පරිකල්පනය හෝ අපූර්ව අදහසක් හෝ භාවිත කිරීම නිර්මාණශීලීත්වය යි.”

"The use of imagination or original ideas to create something; inventiveness."


Post a Comment

Previous Post Next Post